ඇමති අකිල යාළුවෝ එක්ක පුරාවිද්‍යාඥයෝ විදිහට චීනේ ගියා! පුහුණුවට යවන්න නියමිත මුහුදු පුරාවිද්‍යාඥයෝ ගෙදර තිබ්බා!- පුරාවිද්‍යා අධ්‍යක්ෂ

July 24, 2020 at 9:00 am | by emanisa.lk

තමාට විෂමාචාර චෝදනා එල්ල කරන එවකට ඇමැති අකිල විරාජ් කාරියවසම් ප්‍රතිපාදන තිබේ දැයි පරීක්ෂා කිරීමකින් තොරව මධ්‍යම සංස්කෘතික අරමුදලට සේවකයන් 1800ක් බඳවා ගත් බවත් අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් ලෙස පුරාවිද්‍යාඥයකු පත් නොකර සිය මිතුරෙකු පත් කරගත් බවත් පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක පවසයි. එසේම සීගිරිය ප්‍රධානියා ලෙස හමුදා නිලධාරියකු පත්කළ බවද ඔහු ප්‍රකාශ කරයි.

මෙරට මුහුදු කලාපයේදී ගිලුණු නැව් 300ක් පිළිබඳව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව චීනයත් සමග එක්ව ගවේෂණයක් ආරම්භ කළ අතර එම කටයුතු සඳහා මෙරට මුහුදු පුරාවිද්‍යාඥයන්ට චීනයට යාමට සිදුවිය. එම අවස්ථාවේ මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල්වලින් මෙම ඇමැතිවරයාත් ඔහුගේ සම්බන්ධීකරණ ලේකම්වරයාත් උපදේශකවරයාත් පුරාවිද්‍යාඥයන්ට තිබූ අවස්ථාව ප්‍රයෝජනයට ගෙන චීනය බලා පිටත් වූ බවද පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල්වරයා චෝදනා කර සිටී.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *