පුරාවස්තු විනාශ කළොත් දැඩි දඬුවම් දෙනවා! – දෙවනගල ගිය ඇමැති විදුර කියයි…

December 5, 2020 at 1:54 pm | by emanisa.lk

පුරාවිද්‍යාත්මක, ඓතිහාසික සහ ආගමික වටිනාකම් රැසකින් හෙබි දෙවනගල රජමහා විහාරය, කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දෙවනගල නම් ග්‍රාමයේ ඇති “දෙවනගල” නම් විශාල පර්වතය මස්තකයේ පිහිටා තිබේ.

මෙම පර්වතය මත ටැම්පිට විහාරයකින් යුතු විහාර මන්දිරයක්, අලංකාර පොකුණක්, ස්තූපයක්, බෝධීන්වහන්සේ නමක්, පැරණි ආවාස ගෘහයක් සහ අතීතයේදී විහාර මන්දිරයක් බවට විශ්වාස කරන අපූර්ව ශෛලමය ගොඩනැගිල්ලක් මෙම ස්ථානයට අයත් වේ.

මෙහි පිහිටා තිබෙන ටැම්පිට විහාරය මහනුවර සම්ප්‍රදායට අයත් සිතුවම් සහ ප්‍රතිමාවලින් සමන්විත වන අතර පර්වතය මුදුනෙහි ඇති ස්තූපය සුවිශේෂී ස්තූපයක් ලෙස හඳුනාගෙන ඇත.

පුරාවිද්‍යාත්මක, ඓතිහාසික සහ ආගමික වටිනාකම්වලන් සමන්විත වූ මෙම භූමියෙහි ඉඩම් අද වන විට විවිධ පාර්ශවයන්ගේ ග්‍රහණයට නතු ව ඇතැයි දෙවනගල විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය මැදිරිගිරියේ පුඤ්ඤසාර හිමියෝ පසුගියදා මාධ්‍ය වෙත සඳහන් කළහ.

මේ පිළිබඳව තොරතුරු සොයා බැලීම සඳහා රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක එම විහාරස්ථානයට වෙත ගියේ ය.

“ පුරාවස්තු විනාශ කිරීම සම්බන්ධ වැරදිවලට මින් ඉදිරියට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව “ අමාත්‍යවරයා එහිදී සඳහන් කළේ ය.

එසේම මෙම පුරාවිද්‍යාත්මක ස්ථානය පිළිබඳව නිසි ලෙස සොයා නොබැලු නිලධාරීන්ට තරයේ අවවාද කළ අමාත්‍යවරයා මේ පිළිබඳව වහාම සොයා බලා අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්න ලෙස ද එහිදී අවධාරණය කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස