උතුරු නැඟෙනහිර පුරාවිද්‍යා බලතල ග්‍රාම නිලධාරීන් අතට ගැනීමේ සැලසුමක්!!!

November 24, 2020 at 7:35 pm | by emanisa.lk

උතුරු සහ නැගෙනහිර පළාත්වල ඉඩම් බෙදා දීමේදී ඒවා පිළිබඳව පුරා විද්‍යාවට අදාළ වාර්තා ලබාදීමේ බලය ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ග්‍රාමසේවක නිලධාරීන්ට ලබාදෙන ලෙසට පුරාවිද්‍යා කොමසාරිස්වරයාට බලපෑම් එල්ල වන බව වාර්තා වේ.

එම බලපෑම් හමුවේ වර්තමාන කොමසාරිස්වරයා ඉල්ලා අස්වීමට සූදානම්වන බව සහ ප්‍රසිද්ධ පුරාවිද්‍යා මහාචාර්යවරයෙකු එම තනතුරට පත් වීම සඳහා දැඩි බලාපොරොත්තුවෙන් සිටින බව ද වාර්තා වේ.

පසුගිය දින උතුරු සහ නැගෙනහිර පළාත්වල විශේෂ ඉඩම් නිලධාරීන් පිරිසක් ඉඩම් කොමසාරිස් විසින් ගැසට් නිවේදනයක් මඟින් පත් කරනු ලැබීය.

ඊට අමතරව 5/2001 චක්‍රෙල්ඛය අහෝසි කිරීම මඟින් රට පුරා ඉඩම් අක්කර ලක්ෂ 12ක් බෙදා දීමේ බලය ප්‍රාදේශීය ලේකම්වරුන්ට පවරන ලදී.

එම ඉඩම් අක්කර ලක්ෂ 12න් වැඩි ප්‍රමාණයක් ඇත්තේ උතුරු සහ නැගෙනහිර ආශ්‍රිත පළාත්වල බවද වාර්තා වේ. ඒ අනුව පුරාවිද්‍යා වාර්තා ලබා දීමේ බලය පහළට පැවරීම ඉතා ම අනර්ථකාරී ක්‍රියාවකි.

උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල අදාළ නිලධාරීන් බහුතරය දෙමළ සහ මුස්ලිම් වන නිසා පළාතේ දේශපාලන නායකත්වයේ බලපෑම ද සමග එහි පුරාවිද්‍යා උරුමයන් දැඩි අවදානමකට ලක්වීමට හැකි ය.

ගුරුකන්ද විහාරයට හානිකිරීම, අනුරාධපුර යුගයේ ඉදිකළ නැගෙනහිර පළාතේ විශාලතම චෛත්‍ය ඩෝසර් කිරීම ආදී බොහෝ විනාශයන් පසුගිය ආණ්ඩුව සමයේ සිදු වූයේ එවැනි බලයක් නොමැතිවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස