දින 06ක හැංගිමුත්තන් සෙල්ලම ඉවරයි! බදියුදීන් දෙහිවල දී අත්අඩංගුවට!

October 19, 2020 at 8:44 am | by emanisa.lk

දින 06 ක කාලයක් සැඟව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් අද අලුයම සිදුකළ මෙහෙයුමක දී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කරයි.

මන්ත්‍රීවරයා දෙහිවල, එබනයිසර් මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක සැඟවී සිටිය දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් විසින් අද අලුයම 3.00-3.30ත් අතර අත්අඩංගුවට ගෙන තිබේ.

රිෂාඩ් බදුර්දීන්ට සැඟවී සිටීමට ආධාර උපකාර කළ අයට ද දණ්ඩ නීති සංග්‍රහයේ 209 වගන්තිය යටතේ නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කරයි.

රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා නියෝග කිරීම සමග පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් 06ක් යොදවා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස