ද්විත්ව පුරවැසි ගැටළුව නිමයි! ආණ්ඩු පක්ෂය ම විස්ස රකින්න එක්වෙයි! – විමල් ගම්මන්පිල වාසු මාධ්‍ය කැඳවා රටට කියයි..

October 22, 2020 at 11:18 am | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ විමල් වීරවංශ, උදය ගම්මන්පිල, තිස්ස විතාරණ, අසංක නවරත්න, විජේදාස රාජපක්ෂ, වාසුදේව නානායක්කාර ඇතුළු පිරිසක් සමග පැවති සාකච්ඡාවක දී ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ ගැටළුව විසඳී තිබේ.

එහි දී ජනාධිපතිවරයා පවසා ඇත්තේ ද්විත්ව පුරවැසි සංශෝධනය ගෙන ආවේ තමන් ජනාධිපති ධුරයට පත්වීම වැළැක්වීමට බවත් එය පදනම් කරගෙන එකල ගෙන ගිය ප්‍රෝඩාව පිළිබඳ තමන්ට ඇත්තේ හැඟීම්බර අදහසක් ඇති බවත් ය.

එහෙයින් තමන්ට එරෙහිව ගෙන ආ මෙම ද්විත්ව පුරවැසි නීතිය මේ අවස්ථාවේ ඉවත් කරන බවත් නව ව්‍යවස්ථාවට එය ඇතුළත් කරන බවත් අවධාරණය කර තිබේ.

මේ අනුව 20 වෙනි සංශෝධනයෙහි ද්විත්ව පුරවැසි නීතිය කොටසට ඡන්දය පාවිච්චි කිරීමෙන් වැළකී සිටීමට කටයුතු කිරීමට ගත් තීන්දුව එම පිරිස වෙනස් කර ඊට ඡන්දය ප්‍රකාශ කිරීමට එකඟ වී ඇත.

කොළඹ අද (22) අදාළ කණ්ඩායම පැවැත් වූ මාධ්‍ය හමුවක දී මේ බව ප්‍රකාශ කෙරිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස