තාත්තේ නුඹ නමින් ගැයෙන සුළුතර වස් කවියට වඩා බහුතර සෙත් කවිය බලවත්! – රාජිතගේ උපන් දිනයට චතුර සෙත් පතයි…

May 29, 2020 at 8:06 pm | by emanisa.lk

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න තැබූ ෆේස්බුක් සටහනකි.

දස අතින් සුබ පැතුම් අරන් එන උපන්දින සුළඟ….

දහසක් අවලාද මැද සිනාසුනු මිනිසාය නුඹ.

නුඹේ එඩිතර හඬට බියව වස් කවි කියන සුළුතර හඬට වඩා මේ රටේ දුක් විදින මිනිසුන්ගේ හදවත පතුලින් නැගෙන සෙත් කවි බොහෝ බලවත් ය..

ලොව දකින්නට වරම් නොමැති ව අඳුරේ සිරව සිට

ඇසට ඇසක් ලද දහස් ගණනක් මිනිසුන්,
අලුත් ඇසින් සත්‍ය දැක ඔබ වෙනුවෙන් සෙත් කවි කියනු ඇත.

පණනල රැක දෙන හදවත් සැත්කම් ලක්ෂ ගනනින් මිලකර තිබූ යුගය අවසන් කල බව දන්නා හදවත් සැත්කම් වලින් සුවය ලද දහස් ගණනක් මිනිසුන් හදවතේ ගැඹුරු ම තැනින් සෙත් පතනු ඇත.

පිළිකාව ජීවිතය අත්හරින්නට හේතුවක් වූ කලෙක.රජයන් ද ඔවුන් බරක් ලෙස සැලකුම් කල යුගය අවසන් කොට අන්තිම හුස්ම තෙක් රජයේ වියදමින් ඔවුන් රැක බලා ගත් බව දන්නා මිනිසුන් ඔබ වෙනුවෙන් සෙත් කවි ගයනු ඇත.

සුවසැරියෙන් දිවිසැරිය රැකගත් ලක්ෂ ගණනක් මිනිසුන්ගේ ප්‍රශංසා ඔබ‍ට ආශිර්වාදය වනු ඇත.

සුවසැරිය තුළ මෙලොව එළිය දුටු දහස් ගණනක් දරුවන් ගේ සිනා හඬ ඔබ‍ට සුවය ගෙනෙනු ඇත.

වකුගඩු රෝගයෙන් දුක් විදින දහස් ගණනක් වෙනුවෙන් ඔබ ඉදිකළ රෝහල්, වාට්ටු,ඇතුළු ඔබගේ මෙහෙවර තුළින් ජීවිත ය ලද්දෝ
ඔබ වෙනුවෙන් සාධාරණ ය යදිනු ඇත.

දුප්පතුන් ඉදිරියේ කාඩ් බෝඩ් වීරයෙක් නොවී ඉතිහාසයේ වැඩිම බෙහෙත් වර්ග ප්‍රමාණය ක මිල අඩුකලේ ඔබ බව දන්නා හෘද සාක්ෂියක් ඇති මිනිසුන් ඔබ වෙනුවෙන් සත්‍යය සොයනු ඇත.

කොටින්ම මෙහි ලියා අවසන් කළ නොහැකි තරම් වූ,

ඔබ මේ බිමේ පැල කළ

සත්‍යයයේ බීජ..

අසත්‍යයේ මහපොළ ව පුපුරුවා,

හෙටත් පැන නගිනු ඇත..

එබැවින්.. මිනිසුන්ට ආදරය කිරීම ජීවිතය කරගත් ඔබ වැනි පියෙකුගේ සෙවණ ලද මා හට…
ඔබ වෙනුවෙන් දිය හැකි හොදම උපන්දින තෑග්ගක් නැත..

ඇත්තේ..
මේ රටේ දුක් විදින අහිංසක මිනිසුන් වෙනුවෙන් වෙහෙසීමට ම,

ඔබ කියා දුන්,
ඔබ මුවහත් කරදුන් ජීවිතය දිගේ ඔබගේ අඩි පාරේ යාමමය.

තාත්තේ..
මේ සුබ පැතුම පිළිගන්න..

අනාගතය විසින් නිර්ධන පන්ති අරගලයේ වීරයන්ගේ ලයිස්තුවේ ඔබගේ නමට ඉඩ තබා තිබෙනු ඇති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස