මම කවුද කියලා දිලිත්ගෙන් අහන්න! දිලිත් ජයවීර උපදෙස් ගත්තෙත් මගෙන්! – චතුර (video)

December 25, 2019 at 8:49 am | by emanisa.lk

තමා කවුදැයි දිලිත් ජයවීරගෙන් විමසා දැනගන්නා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර සේනාරත්න මාධ්‍යව්දියකුට ප්‍රකාශ කළේය.

රාජිත සේනාරත්නට අපේක්ෂිත ඇප ලබා ගැනීම සඳහා පෙත්සමක් ගොනු කිරීමට අධිකරණයට පැමිණ අවස්ථාවේ ඔහු මේ බව ප්‍රකාශ කළේය.

රාජිත සේනාරත්නගේ තෙවන අපේක්ෂිත ඇප අයඳුම්පත දෙසැම්බර් 30 වෙනිදා විභාගයට ගැනීමට අධිකරණය තීන්දු කිරීම වර්තමාන ආණ්ඩුවේ පළමු පරාජය බව ද ඔහු ප්‍රකාශ කළේය.

එහිදී මාධ්‍යවේදියකු විමසා සිටියේ මේ සඳහා චතුර සේනාරත්න මේ සඳහා කිසියම් උපදෙසක් දුන්නේ ද කියාය. ඒ සඳහා පිළිතුරු ලබා දෙමින් ඔහු ප්‍රකාශ කළේ ඒ සඳහා තමන් උපදෙස් නොදුන් බවත් නීතිවේදීන් එය කළ බවත්ය.

කෙසේ වුවද එම ප්‍රශ්නය විමසූ දෙරණ මාධ්‍යවේදියාට චතුර පැවසුවේ තමා කවුදැයි දිලිත් ජයවීරගෙන් අසා දැනගන්නා ලෙසත් දිලිත් ජයවීර සිය කාර්යාලයටම පැමිණ තමාගෙන් උපදෙස් ලබාගත් බවත්ය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස