ජනපතිට අභියෝග කළ ත්‍රිවිල් සභාපති මරලා! ජවිපෙ නිල පුවත්පත කියයි!

June 13, 2020 at 3:24 pm | by emanisa.lk

ජාතික තීරෝද රථ සංගමය සභාපති සුනිල් ජයවර්ධන මැර ප්‍රහාරයකින් මිය යාමට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට අභියෝග කර ඇති බවත් සතිඅන්ත පුවත්පතක් වාර්තා කරයි.

මෙම සති අන්තයේ ලංකා පුවත්පතේ සඳහන් වන්නේ ජනාධිපතිට අභියෝග කළ ත්‍රීරෝද සභාපති මරා දමයි යනුවෙනි.

ඒ සම්බන්ධ වාර්තාවක් සිය ප්‍රමුඛ පුවත ලෙස එම පුවත්පත වාර්තා කර ඇත.

ජනාධිපතිවරයාගේ නිවස පෙනෙන මානයේ පිහිටි සමාගමක දී මෙම ඝාතනය සිදුවී ඇතැයි ද එහි වාර්තා කර ඇත.

මෙරට සුළු දේශපාලන පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙම පුවත්පත සඳහා පුර්ණ අනුග‍්‍රහය දෙමින් පවත්වා ගෙන යන බව පැවසෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස