ජනතා මතය කියන්නේ, යම් පිරිසක් විසින් සමාජය මත බලයෙන් පටවන්නට උත්සාහ කරන බලහත්කාරී අදහසක් නෙවෙයි..
මහා සද්දෙන් ඇහෙන හැම දේම ජනතා මතය නෙවෙයි..
යම් යම් කාලවලදී මහා සද්දෙන් ඇහුනු එවැනි උදාහරණ ඕනෑ තරම් තිබෙනවා.. වසර කිහිපයක ඉඳන්, යම් පිරිසක් මුස්ලිම් විරෝධයක් ඇති කළා.. පාස්කු ප්‍රහාරයත් එක්ක, ඒ විරෝධය මහා සද්දෙන් රටපුරාම ඇහුනා.. යම් පිරිසක් විසින්,
මුළු සමාජයක් මත බලහත්කාරයෙන් ඒ අදහස පැතිරුවා..
සමාජයේ එක් කොටසක් ඒ බලහත්කාරයට යට වුණා… තව කොටසක් නිහඬ වුණා… අපි වගේ තවත් කොටසක්
දහසක් අපහාස විඳිමින් එයට විරුද්ධ වුණා.. පොහොට්ටුවේ ජයග්රහණයෙන් පස්සේ, බලහත්කාරයෙන් සමාජය මත
‘මුස්ලිම් විරෝධය’ පටවපු පිරිසගේ කොන්ත්‍රාත්තුව අවසන් වුණා..
2020ට කලින් තිබුණු මුස්ලිම් විරෝධය, මහා සද්දෙන් දැන් ඇහෙන්නේ නැහැ.. ‘යම් අදහසක්’ ජනතා මතයක් විදිහට මතුවෙනවා නම්, එකපාර අහස් කූරක් ගැහුවා වගේ උඩ ගිහින් පත්තුවෙලා නිවිලා යන්නෙ නෑ.. තිස් වසරක යුද්ධයක් තියෙද්දිවත්, දෙමළ විරෝධී ජනතා මතයක් තිබුනෙ නැහැ.. තිබුණේ, යම් පිරිසක් විසින් බලහත්කාරයෙන් පටවපු
විරෝධයයි..
අසූ තුනේ ජුලි කලබලය කියන්නෙත්, ඒ විදිහට සමාජය මත පටවපු බලහත්කාරයක්.. ඒ බලහත්කාරයට අහුවෙලා,
සමාජයේ යම් කොටසක්, දෙමළ මිනිස්සුන්ගේ ජීවිත දේපළ විනාශ කළා.. තව කොටසක් ඒ දෙස බලාගෙන නිහඬව සිටියා..
අපි වගේ තවත් පිරිසක් දහසක් අපහාස විඳිමින් එයට විරුද්ධව කටයුතු කළා..දෙමළ විරෝධී ජනතා මතයක් සමාජයේ ඇත්තටම තිබුණා නම්, උතුරේ යුද්ධයක් පවතිද්දී දෙමළ ජනතාවට දකුණේ දිගටම පදිංචිව ඉන්න ලැබෙන්නේ නැහැ..
ඒ ඒ කාලවලදී මතුවෙන අර්බුදකාරී තත්ත්වයන් එක්ක,යම් යම් පිරිස් දේශපාලන හෝ ආර්ථික වාසි තකා
සමාජය මත වෛරී අන්තවාදී අදහස් බලහත්කාරී ලෙස පටවනවා..
88/89දී මහා සද්දෙන් ඇහුනු ඉන්දියානු විරෝධයත්, ඒ විදිහේ තවත් බලහත්කාරයන්.. ගෝඨාභය රාජපක්ෂගේ
අසාර්ථක පාලනය නිසා ඇතිවුණු ආර්ථික අර්බුදයත්,ඒ ආර්ථික අර්බුදයේ නිසා මතුවුණු දේශපාලන අර්බුදයත් පාවිච්චි කරලා, යම් පිරිසක් විසින් සමාජය මත නැවතත් බලහත්කාරී මතයක් පැටවීමට උත්සාහ කරන බව අපිට පෙනෙනවා..
“225ම එපා” “74 වසරක සාපය” “පාර්ලිමේන්තුවෙන් පිට බලයක්” “මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි තියන්න ඕනේ” වගේ
සටන්පාඨ දැන් මහා සද්දෙන් ඇහෙනවා.. මුළු රටේම ජනතා මතය විදිහට, ඒවා පෙන්නන්න හදනවා..ජනතාවගේ ඡන්දයෙන්
තේරීපත්වීමට හැකියාවක් නැති පක්ෂ, ජනතාවගේ ඡන්දයෙන් ආණ්ඩු බලයක් ලබාගැනීමට හැකියාවක් නැති පක්ෂ,
පාර්ලිමේන්තුව සහ ව්‍යවස්ථාව ගැන ඇති කරන්න උත්සාහ කරන වෛරයෙන් සහගත මතය නිසා රටට සිද්ධවෙන්නේ හොඳ දෙයක් නෙවෙයි..
වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන 225ම එපා නම්, ඊළඟ මැතිවරණයකදී ප්‍රජාතන්ත්‍රවාදීව වෙනත් 225 දෙනෙක් පත්කර ගැනීමේ බලය ජනතාවට තිබෙනවා.. තමන්ගේ පක්ෂයට පාර්ලිමේන්තුවේ බලය ලබා ගැනීමට නොහැකි නිසා,
පාර්ලිමේන්තු ක්‍රමයට විරුද්ධ වීම අතාර්කිකයි, අසාධාරණයි..
රටක පාලනයට, කුමන හෝ ව්‍යවස්ථාපිත පාලන ව්‍යුහයක් අවශ්‍යයි.. මුළු ඉතිහාසයටම බනිමින්, 74 වසරක සාපය ගැන කියන උදවියත් ඉගෙනගෙන තිබෙන්නේ, 74 වසරක පාලනය නිසා ලැබුණු නිදහස් අධ්‍යාපනයෙන්.. බෙහෙත් හේත් අරගෙන තිබෙන්නේත්, 74 වසර පාලනයෙන් ලැබුණු නිදහස් සෞඛ්‍යයෙන්.. ඔවුන්ගේ වැඩිහිටියෝ නඩත්තු වෙන්නෙත්, 74 වසර පාලනයෙන් ලැබුණු විශ්‍රාම වැටුප් ක්‍රමයෙන්..
74 වසරම සාපයක් නම්, CWW කන්නන්ගර මැතිතුමාත් සාපයක්! D.S. සේනානායක මැතිතුමාත් සාපයක්! කොල්වින් ආර් ද සිල්වා මැතිතුමාත් සාපයක්! N.M.පෙරේරා මැතිතුමාත් සාපයක්! ලක්ෂ්මන් කදිරගාමර් මැතිතුමාත් සාපයක්! 2004-2005 එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇමතිධූර දරපු ජවිපෙ ඇමතිවරුත් සාපයක්!
මේ දේශපාලනයේ, 100%ක් ශුද්ධ මිනිස්සු නැහැ..100%ක් අශුද්ධ මිනිස්සුත් නැහැ.. තමන් 100%ක් ශුද්ධ දේශපාලකයෙක්ය,
තමුන්ගේ දේශපාලන පක්ෂය 100%ක් ශුද්ධ දේශපාලන ව්‍යාපාරයක්ය, කියලා කවුරුහරි කියනවා නම්, මම ඔවුන්ට කියන්නේ ලෙනින් කියපු දේ, “ශුද්ධ වූ සියල්ල කෙලෙසෙනවා” සහෝදරවරුණි!
– හිටපු සෞඛ්‍ය අමාත්‍ය
වෛද්‍ය රාජිත සේනාරත්න