අන්තර්වාර ආණ්ඩුවක් ආවත් අගමැති මමයි…! ගෝල්ෆේස් එකේ දිගටම විරෝධතා කරන්න වෙයි..! – මහින්ද…ජ

April 23, 2022 at 7:37 pm | by emanisa.lk

අන්තර්වාර රජයක් පත් කළ ද එහි අගමැතිවරයා තමා බවත් තමා ඉතා ම නීරෝගීතාවයෙන් පසුවන බවත් අගමැති මහින්ද රාජපක්ෂ පවසයි.

කෙසේ වෙතත් එකාට එකා නැති තත්වයක් යටතේ අන්තර්වාර රජයක් පිහිටු වන්නේ කෙසේදැයි හෙතෙහ ප්‍රශ්න කළේ‍ය.

තමාට ඉවත්වන්නැයි ඉල්ලා ඇත්තේ ඉතිහාසය ගැන නොදන්නා මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු පමණක් බවත් මන්ත්‍රීවරුන් බහුතරයක් තමා සමග සිටින බවත් ඔහු කීවේය.

කොළඹ ගාලු මුවදොර පිටියේ අරගලයේ යෙදී සිටින තරුණ තරුණියන්ට සාකච්ඡා සඳහා තමා නැවත වතාවක් ආරාධනා කරන බව පැවසූ මහින්ද රාජපක්ෂ, එසේ නොපැමිණෙන්නේ නම් ඔවුනට දිගට ම අරගල කරමින් සිටීමට සිදුවන බවද ප්‍රකාශ කළේය.

රට යම් අසීරු තැනක තිබෙන බව තමා පිළිගන්නේ යයි ද අර්බුදයෙන් රට ගොඩ ගැනීමට රජයට ශක්තිය ඇතැයිද ඔහු අවධාරණය කළේය.

රට මීට වඩා අර්බුදවලට මුහුණ දුන් අවස්ථා ඉතිහාසයේ ඕනෑ තරම් තිබූ බව ඔහු වැඩි දුරටත් කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *