අරගලකරුවන්ට එල්ල කළ ප්‍රහාරය ම්ලේච්ඡයි..! පුළුවන්කම තිබිලත් ගෝඨාභය ගැහුවේ නෑ..! – ඕමල්පේ සෝභිත හිමි…

July 22, 2022 at 3:43 pm | by emanisa.lk

ගාලු මුවදොර අරගලකරුවන්ට පහරදීම නින්දිත කෘෘර ක්‍රියාවක් යැයි ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවැසූහ.

“මේ වන විට නව ජනාධිපතිවරයා දිවුරුම් දී පැය 24 ඉක්ම යමින් පවතිනවා. නමුත් මේ දක්වා ජාත්‍යන්තරයෙන් නිසි පිළිගැනීමක්වත් එක්කර නැහැ.

පසුගියදා ජාත්‍යන්තරයෙන් රජයට දන්වා තිබුණා මහජන අරගල අවි බලයෙන් මැඩ පවත්වන්න ඉඩ තියන්න එපා කියලා. රජයට අවවාදත් ලබාදිලා තිබුණා.

එවැනි අවස්ථාවක නිරායුද ප්‍රජාත්‍රන්තවාදීව ඉල්ලීම් ඉල්ලන අරගලකරුවන්ට ආයුධ සන්නද්ධ හමුදා පිරිස් මහ රාත්‍රියේ ත්‍රස්තවාදී පිරිසක් මැඩ පවත්වන ආකාරයෙන් පහර දීම නින්දිතයි.

අරගලකරුවන්ට පහරදීම නින්දිතයි කෘෘරයි. එය තරයේ හෙලා දකිනවා. මේ අයුරින් ජන අරගලය මැඩ පවත්වන්න ගෝඨාභය රාජපක්‍ෂ මහතාටත් හැකියාව තිබුණා.

නමුත් එතුමා එහෙම කළේ නැහැ. නව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගෝඨාභය රාජපක්ෂටත් වඩා දරුණු තීරණ ගන්නා කෙනෙක්ද කියලා රටට අවබෝධයක් ලැබෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *