“අයියා මලෝ කචල්වලට අත දාන්න එපා” යි දේශබන්දුට මම කීවේ නෑ…! ගැටුමට ඉඩ දුන් ඔහු වගකීම පැහැර හැරලා…! – පොලිස්පති…

May 22, 2022 at 8:14 pm | by emanisa.lk

ගාලු මුවදොර අරගල භූමියේ ගැටුම් මැඩ පැවැත්වීමට කටයුතු නොකරන ලෙස තමා කිසිදු අවස්ථාවක උපදෙස් ලබා නොදුන් බව පොලිස්පති සී.වී. වික්‍රමරත්න පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (22) ප්‍රකාශයක් ලබා දෙමින් ඔහු සඳහන් කර ඇත්තේ මැයි 09 වනදා උදෑසන මෙන් ම ඊට පෙර දින රාත්‍රියේ ද තමා අදාළ තත්ත්වය පාලනයට අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්නා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝට උපදෙස් දුන් බවයි.

එම ස්ථානයේ ගැටුම් ඇති නොවන ආකාරයට කටයුතු කරමින් නීතිය හා සාමය ආරක්ෂා කිරීම එහි සිටින ජ්‍යේෂ්ඨ නිලධාරියාගේ මිස අමාත්‍යංශ ලේකම් හෝ පොලිස්පතිවරයාගේ හෝ වගකීම නොවන බවයි පොලිස්පතිවරයා පෙන්වා දෙන්නේ.

ඒ අනුව දේශබන්දු තෙන්නකෝන් සිය වගකීම පැහැර හැර ඇති බවයි, පොලිස්පති වික්‍රමරත්න වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *