09 වෙනිදා රෑ ගෙවල් ගිනි තිබ්බේ එදා උදේ මට පහර දුන් අයයි…! – සජිත්…

June 6, 2022 at 9:35 am | by emanisa.lk

ගාලු මුවදොර අරගල භූමියට පසුගිය 09 වෙනිදා ගිය තමන්ට ද ප්‍රහාරයක් එල්ල වූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

විපක්ෂ නායකවරයා පවසන්නේ එදා උදෑසන තමන්ට පහර දුන්නේ එදින රාත්‍රී විනාශය කළ පිරිස බවයි.

උදෑසන භීෂණය මෙන් ම එදින රාත්‍රීයේ භීෂණය ද වැරදි බව හෙතෙම අවධාරණය කරයි.

කෙසේ වුව ද රට ගිනි තබන විනාශ කරන කණ්ඩායමට රටේ බලය ලබා දුනහොත් කුමක් සිදුවේ දැයි සිතන්නට 09 වෙනිදා රාත්‍රිය නිසා ජනතාවට ඉඩක් ලැබුණු බවයි, සජිත් ප්‍රේමදාස පවසන්නේ.

සමගි ජන බලවේග ජන හමුවක් අමතමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *