අරගලයට පහර දීම ව්‍යවස්ථාව අභියෝගයට ලක් කිරීමක්…! – කුමාර් ගුණරත්නම්…

July 23, 2022 at 9:28 am | by emanisa.lk

ව්‍යවස්ථාවේ ආරක්‍ෂකයෙක් ලෙස පෙනී සිටින රනිල් වික්‍රමසිංහ එම ව්‍යවස්ථාවට ඇතුළත් භාෂණය සහ උද්ඝෝෂණය කිරීමේ අයිතිය බියගුළු සහ නිවට ප්‍රහාරය හරහා අභියෝගයට ලක්කළ බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් පවසයි.

වර්තමාන පාර්ලිමේන්තුව තුළ ජනමතය නියෝජනය නොවන නිසා ආණ්ඩුවේ මර්දනයට විරුද්ධ සියලුම දේශපාලන පක්‍ෂ සංවිධානය වියයුතු බව ද ඔහු කීවේය.

ජනමතයක් නොමැතිව පස්සා දොරෙන් ජනාධිපති ධූරයට රිංගු පුද්ගලයකු ජනතාව මර්දනයට සැලසුම් සකස් කරමින් සිටින බව කී කුමාර් ගුණරත්නම්, මර්දනයට බිය වී පළා නොගොස් සංවිධානය වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ගාලු මුවදොර අරගලයට ඊයේ අලුයම එල්ල වූ ප්‍රහාරයට සහභාගී වූ ආරක්‍ෂක අංශවල යැයි කියාගත් පුද්ගලයන් මුහුණු ආවරණය කරමින් හඳුනාගත නොහැකි වන ලෙස වෙස්වලා ගෙන ප්‍රහාරය එල්ල කළ බවත් එහිදී සමහර ආරක්‍ෂ අංශ සමාජිකයන් වෙස්වලාගත් පුද්ගලයන්ගේ චිරස්ථීන ප්‍රහාර වලක්වන ආකාරය ද දැකගත හැකි බවත් හෙතෙම කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *