තට්ට තනියම ආවා කණ්ඩායම හමු වී සාකච්ඡා කර ගැටලු ඇත්නම් විසඳන්න මම සූදානම්! – උතුරේ ආණ්ඩුකාර

June 15, 2019 at 8:02 am | by emanisa.lk

කිසිදු ආරක්‌ෂක භටයකු නොමැතිව යාපනයේ ක්‍රියාත්මක ‘ආවා ගෲප්’ කල්ලිය සමග සාකච්ඡා කිරීමට ඕනෑම වේලාවක තමන් සූදානම් බව උතුරු පළාත් ආණ්‌ඩුකාර සුරේන් රාගවන් මහතා ඊයේ (14 දා) පැවසීය.

යාපනයේ කොකුවිල් දුම්රිය ස්‌ථානාධිපතිවරයාට පහර දී කඩුවලින් කපා තුවාල සිදු කළේ ‘ආවා ගෲප්’ කල්ලියේ සාමාජිකයන් බවට ජනමාධ්‍ය ඔස්‌සේ තොරතුරු වාර්තා වීමෙන් පසුව ආණ්‌ඩුකාරවරයා කියා සිටියේ ඔවුන් අහිංසක මිනිසුන්ට වධ දෙමින් බිය වද්දමින් මේ කරගෙන යන ක්‍රියාවන් පිළිබඳව දැනගෙන ඔවුන්ට යම් සාධාරණ අවශ්‍යතාවක්‌ වේ නම් එය ලබා දීමට තමන්ට මැදිහත් විය හැකි බවය.

‘ආවා ගෲප්’ කල්ලියේ ක්‍රියාවන් නිසා ජනතාව දැඩි බියකට පත්ව සිටින බවත් මේ ප්‍රශ්නය නිසා පීඩා විඳින්නේ අහිංසක ජනතාව බවත් මේ ජනතාව වෙනුවෙන් ගොස්‌ තමන් එම කල්ලිය සමඟ සාකච්ඡා කිරීමට සූදනම් බව ද පැවසීය.

ජනතාවට පහර දෙමින් කඩුවලින් කපමින් ක්‍රියා කරන්නේ කුමන හේතුවක්‌ නිසාද යන්න ආවා කල්ලියේ පිරිස මෙතෙක්‌ ප්‍රකාශ කොට නොමැති නිසා ඔවුන්ට ඒ සඳහා අවස්‌ථාවක්‌ ලබා දීමට තමන් සූදානම් බවද උතුරු පළාත් ආණ්‌ඩුකාරවරයා කියා සිටියේය.

ඔවුන්ගේ ඉල්ලීම් හා ඔවුන් අපේක්‌ෂා කරන දේවල් සාධාරණ නම් ඒවා සාධාරණ සමාජයක්‌ විසින් බලාපොරොත්තු වන දේවල් නම් ඊට අදාළ පාර්ශ්ව සමඟ සාකච්ඡා කොට ඒ අවශ්‍යතාවන් ඉටු කොට දීමට හැකි බව ද පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස