උතුරේ ආණ්ඩුකරුටත් කොකේන් චෝදනා! හැකි නම් රුධිර පරික්ෂාවක් කර පෙන්වනු!

February 27, 2019 at 6:55 am | by admin

උතුරු පළාත් ආණ්ඩුකාර ආචාර්ය සුරේෂ් රාඝවන් කොකේන් හෝ වෙනත් මත්ද්‍රව්‍ය භාවිත කරන්නේ දැයි සොයා බැලීම සඳහා රුධිර පරික්ෂාවක් කරන ලෙස ඉල්ලා පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය ජනාධිපතිවරයාට ලිපියක් යවයි.

කොළඹ රාත්‍රී සමාජශාාලාවල වෙරි මතින් කල් ගෙවූ සුරේෂ් රාඝවන් උතුරේ ආණ්ඩුකාර ධුරයට පත් වහා වර්ගවාදියකු ලෙස හැසිරෙන බවත් එය මුළු රටම නැවත ත්‍රස්තවාදයට ඇද දැමිය හැකි බවත් පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ සිය ලිපිය මගින් පෙන්වා දෙයි.

ජනාධිපතිවරයාට සිය මිතුරකු විසින් සුරේෂ් රාඝවන් හඳුන්වා දෙන ලද අතර අනතුරුව ජනාධිපතිවරයා ඔහු සිය මාධ්‍ය අංශයේ ප්‍රධානියකු කළේය. මෑතක දී හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ වෙනුවට උතුරේ ආණ්ඩුකාර ධුරයට පත් කළේය. උතුරේ ආණ්ඩුකාරවරයාට හැකි නම් තමන් මත්ද්‍රව්‍ය භාවිත නොකරන බව රුධිර සාම්පල් පරීක්ෂණයක් මගින් තහවුරු කර පෙන්වන්න යැයි රංජිත් විතානගේ අභියෝග කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *