ජුනි 20 මැතිවරණය පවත්වන්න බෑ! සෞඛ්‍ය අංශ අනුමැතිය ලද වහා ඡන්දෙට සූදානම්! මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වයි!

May 20, 2020 at 1:36 pm | by emanisa.lk

වර්තමාන තත්ත්වය අනුව යෝජිත ආකාරයට ජුනි 20 මහ මැතිවරණය පැවැත්වීමට නොහැකි තත්ත්වයක් පවතින බව මැතිවරණ කොමිසම ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

ඒ පාර්ලිමේන්තු මැතිවරණය ජුනි 20 පැවැත්වීමට එරෙහිව ගොනු කර ඇති පෙත්සම් විභාග කිරීමට තුන් වන දිනටත් සලකා බැලූ අවස්ථාවේය. මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය සහ නලින් අබේසේකර වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙනී සිටි සාලිය පීරිස් මේ බව දැනුම් දී තිබේ.

මැතිවරණයක් පැවැත්විය හැකි බවට සෞඛ‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු සමස්ත සෞඛ්‍ය අංශවලින් යහපත් ප්‍රතිචාරයක් හා මාර්ගෝපදේශන මාලාවක් ලැබෙන තෙක් මැතිවරණයක්  පැවැත්විය නොහැකි බව සදහන් කළ මැතිවරණ කොමිසම වෙනුවෙන් පිටි පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් වැඩිදුරටත් කීය.

මැතිවරණයක් පැවැත්විය හැකි බවට සෞඛ්‍ය අවශ්‍ය වලින් යහපත් ප්‍රතිචාරයක් ලැබුණු විගස දින 70 ක් ඇතුලත  ඒ සඳහා අවශ්‍ය පියවර ගන්නා බවද මැතිවරණ කොමිසම අධිකරණයට දන්වා සිටියේය.

පෙත්සම් පිළිබඳ විභාගය තවදුරටත්  පැවැත්වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස