ජාතික කොඩි එල්ලගෙන වොයිස්කට් දීලා නටල රට කරවන්න බෑ…! භූමදානයට ඉඩ දී අන්තවාදී කුමන්ත්‍රණය පරදන්න…! – කොටුවේ පොඩි හාමුදුරුවෝ…..

January 6, 2021 at 2:50 pm | by emanisa.lk

ආණ්ඩුවක් පත් කර ගැනීමට උදව් කළ නිසා උපදේශක පදවියක් වාහනයක් නොලැබුණේ යැයි වොයිස් කට් දෙමින් බැණ ඇවිදීමට වෙලාවක් නැති බවත් ජනතාව වෙනුවෙන් රජයේ කාර්යාල වෙත යමින් විශාල වැඩ කොටසක් සිදුකරන බවත් කොටුවේ පොඩි හාමුදුරුවන් පවසයි.

ආදාහන ගැරලුව මුල් කරගෙන මේ වන විට මුස්ලිම් අන්තවාදය මුළු රට පුරා පල්ලි වටා එකතු වෙමින් ඇතැයි ද ඒ සඳහා අරාබියෙන් මුදල් පොම්ප කරමින් ඇතැයි ද එහිමියන් අනතුරු අඟවති.

මේ වන විට මුස්ලිම් මෘතදේහ පෙන්වමින් රට නැවත අන්තවාදය කරා රැගෙන යාමට වෙන පිරිසක් ඊට යටින් සූක්ෂ්ම ලෙස ක්‍රියාත්මක වන බවත් වහා ම ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන් මැදිහත් වී භූමදානය සඳහා අවසර ලබා දී රටේ දැවෙන ගැටළු විසඳීම පිණිස කටයුතු කළ යුතු බවත් එහිමියන් අවධාරණය කරති.

වොයිස් කට් දීගෙන ජාතික කොටි දාගෙන නටන්න හැකි බවත් මෙය 83 කළු ජූලිය මෙන් ම අන්තවාදයට උඩගෙඩි දීමක් බවත් එහිමියෝ පෙන්වා දෙති.

මේ අවස්ථාවේ ක්‍රියාත්මක වන්නේ එක රටක් එක නීතියක් නොව ලෝකයක් එක නීතියක් බව ද මුස්ලිම් මෘතදේහ අක්කරේපත්තුව මන්නාරම පැත්තක කොන්ක්‍රීට් ආදී ආරක්ෂිත ක්‍රමවේද සමග භූමදානයට ඉඩදිය යුතු බවත් පෙන්වා දෙයි.

https://www.youtube.com/watch?v=SMNuQ1nuVgc&feature=youtu.be

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස