ආදාහන භූමදාන විශේෂඥ කමිටු තීන්දුවක් නොමැතිව විසිර යයි…!

January 1, 2021 at 7:11 am | by emanisa.lk

කොවිඩ් ආසාදිත මුස්ලිම් මෘතදේහ භූමදානය කිරීමට අවසර දෙන්නේ ද යන්න ගැන අවසන් තීරණයක් ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශයට අද (31) රැස්වූ සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි විසින් සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ විසින් පත්කරනු ලැබූ විශේෂඥ කමිටු දෙකෙහි සාමාජිකයින් අවසන් තීන්දුවක් නොමැතිවම විසිර ගිය බව වාර්තා වේ.

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චිගේ ප්‍රධානත්වයෙන් එම කමිටු රැස්වීම පැවැත්විණි.

මේ අතර, කොවිඩ් ආසාදිත මුස්ලිම් මෘත දේහ ආදාහනය කිරීමට විරෝධය පළ කරමින් “සීලෝන් තවුහිද් ජමාත් සංවිධානය” ප්‍රමුඛ තවත් මුස්ලිම් සංවිධාන කිහිපයක් අද (31) පෙරවරුවේ බොරැල්ල පොදු සුසාන භූමිය ඉදිරිපිට දී විරෝධතාවක නිරත වූ අතර මෙම උද්ඝෝෂණයට එරෙහිව විරෝධතාවක් පැවැත්වීම සඳහා “අපේ ජනබල පක්ෂයේ” කොළඹ දිස්ත්‍රික් නායක ඩෑන් ප්‍රියසාද් ඇතුළු පිරිසක් ද එම ස්ථානයට පැමිණ තිබුණි.

පසුව විරෝධතාව සිදුනොකරන ලෙස දන්වමින් අධිකරණ නියෝග 2ක් සහිතව එතැනට පැමිණි පොලිස් නිලධාරීන් එය දෙපාර්ශ්වයේම විරෝධතාකරුවන්ට ඉදිරිපත් කර ඔවුන් විසිරුවා හැරීමට කටයුතු කරනු දැකගත හැකි ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස