එක රටක් එක නීතියක් නම් හැමෝ ම පුච්චන්න ඕන! – මුරුත්තෙට්ටුවේ හිමි….

December 26, 2020 at 9:44 am | by emanisa.lk

කොවිඩ් වෛරසය හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ මළ සිරුරු ආදාහනය කරන්නේ ද භූමදානය කරන්නේ ද යන්න පිළිබඳ ඇතිව තිබෙන අනවශ්‍ය සංවාදයක් බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි.

රටකට එක ම නීතියක්, එක ම වැඩපිළිවෙළක් තිබිය යුතු බවත්, ඒ අනුව එක් එක් රජය මගින් පනවන නීති එක් එක් පාර්ශ්වවලට අවශ්‍ය පරිදි වෙනස් නොකළ යුතු බවත් ආනන්ද හිමි පෙන්වා දෙයි.

භූමදානය කිරීමට එරෙහිව භික්ෂූන් වහන්සේලා සාමකාමී ලෙස පෙනී සිටින බවත්, එම සාමකාමී තත්වය නැතිකර දැමීම සඳහා කටයුතු නොකරන ලෙස සියලු පාර්ශ්වවලින් ඉල්ලා සිටින බවත් ප්‍රකාශ කරනවා.

සාමකාමී ලෙස කටයුතු කරන තමන් ඇතුළු පිරිස අවුස්ස ගතහොත් කැලේ සිටින කොටි අවුස්ස ගත්තා වැනි ආකාරයේ සිදුවීමක් සිදුවිය හැකි බව‍ ද එහිමියන් පවසති.

මළ සිරුරු භූමදානය කිරීමට කිසිසේත් අවස්ථාව ලබා ‍නොදෙන ලෙස ජනාධිපතිවරයාගෙන්ද ඉල්ලා සිටින බව මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි පවසයි. අරාබි රටවලට බුදු පිළිමයක් රැගෙන යා නොහැකි බවත් මේ රට ඕනෑ ම කසළ ගොඩක් භාරගන්නා තත්ත්වයට ඇද වැටී ඇති බවත් එහිමියන් වැඩි දුරටත් පෙන්වා දෙති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස