රටට බරක් වී ඇති ජනතාවට කිසිදු සුගතියක් නැති පළාත් සභා අහෝසි කරනු! (video)

February 11, 2019 at 10:50 am | by admin

ආර්ථික ප්‍රශ්නවලින් මිරිකී ඇති රටේ කෝටි ප්‍රකෝටි ගණන් මුදල් වියදම් කරමින් නඩත්තු කරන සුදු අලියකු බවට පත්ව ඇති පළාත් සභාවලින් අපේ රටට සිදු වූ සෙත කුමක් දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක විමසයි.

පළාත් සභා කාලයක් තිස්සේ ක්‍රියාත්මක වුව ද එමගින් මේ රටේ ජනතාවගේ ජීවිත නඟා සිටුවීම සඳහා කිසිදු දායකත්වයක් සිදු වී නොමැති බව ද සිදුව ඇති එකම දෙය පිරිසකට රස්සා ලැබීම පමණක් බව ද හෙතෙම පෙන්වා දෙයි. මේ වන විට රට හරියට කුණු ටික පවා එකතු කර බැහැර කළ නොහැකි තැනට වැටී ඇතැයි හෙතෙම පවසයි.

පළාත් සභාවලට ලබා දුන්නේ එතෙක් මධ්‍යම ආණ්ඩුව සිදු කළ කටයුතු සහ බලතලවලින් සමහරකි. එම කටයුතු පළාත් සභා ඔස්සේ වඩා හොඳින් සිදු නොවන බව පෙන්වා දෙන මන්ත්‍රීවරයා පළාත් සභා සතු බලතල මහ නගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා යන පළාත් පාලන ආයතන සහ මධ්‍යම ආණ්ඩුව අතර බෙදා පළාත් සභා නමැති මරාලය අහෝසි කොට දැමිය යුතු යැයි ද ඒ පිළිබඳ මේ රටේ ජනතාව තීින්දුවක් ගත යුතු යැයි ද පවසයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *