ජනපති හිටිහැටියේ ජාතික රෝහලට යයි! රෝගීන් සහ කාර්ය මණ්ඩලය හමුවී ගැටලු විමසයි! (photos)

January 10, 2020 at 1:31 pm | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (09) දහවල් කොළඹ ජාතික රෝහලේ හදිසි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

බාහිර රෝගී අංශය වෙත ගිය ජනාධිපතිවරයා රෝගීන් සමග සුහද කථා බහක නිරත වෙමින් තොරතුරු සොයා බැලීය.

රෝගීන්ගෙන් තම ගම් ප්‍රදේශ පිළිබඳ විමසූ හෙතෙම දුර බැහැර සිට පැමිණි රෝගීන් එසේ පැමිණීමට හේතු විමසීය.

කොළඹින් පිටත රෝහල්වල පවතින ගැටළු පිළිබඳව ඔව්හු ජනාධිපතිතුමා දැනුවත් කළහ.

ජාතික රෝහලේ පවතින ගැටලු පිළිබඳව ද ජනාධිපතිතුමා වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලය සමඟ සාකච්ඡා කළේය.

ජනාධිපති මාධ්‍ය අංශය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස