ඇමතිකමට මුවා වී බිරිඳ දුව පුතා පඩි ගත් යුගය නිමයි! පවුලේ ඥාතීන් ඇමති කාර්ය මණ්ඩලයට නොගන්නා ලෙස ජනපති උපදෙස් දෙයි!

December 10, 2019 at 8:35 am | by emanisa.lk

ඇමතිවරුන්ගේ කාර්ය මණ්ඩල සඳහා පවුලේ සාමාජිකයන් කිසිවකු බඳවා නොගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දන්වා ඇති බව වාර්තා වෙයි.

මෙතෙක් තම බිරිඳ හෝ පවුලේ සාමාජිකයෙකු පුද්ගලික ලේකම් ලෙස කටයුතු කරන ලද ඇමතිවරයෙකු තවත් ඇමතිවරයෙකු සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

ඉදිරියේදී එම තනතුරු සඳහා වෙනත් පුද්ගලයන් එක් කර ගැනීමට කටයුතු කළ යුතුව ඇතැයිද යෝජනා වී තිබේ.

ජනාධිපතිවරයාද සිය කාර්ය මණ්ඩලය සඳහා පවුලේ සාමාජිකයන් කිසිවකු බඳවා ගෙන නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස