ආරක්ෂක රථ දෙකක් සමග ජනපති පාර්ලිමේන්තුවට! සමාජමාධ්‍යජාල තුති බැති ගී වැසි!

January 3, 2020 at 5:28 pm | by emanisa.lk

අද උදෑසන (03) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පාර්ලිමේන්තුවට පැමිණි ආකාරය සමාජමාධ්‍යවල මහත් පැසසුමට ලක්වෙයි.

ජනාධිපතිවරයාගේ නිල මෝටර් රථය පෙරවරු 9.30ට පමණ ආරක්ෂක රථ දෙකකට මැදිව පාර්ලිමේන්තුවට පැමිණි අතර ඒ ඉදිරිපසින් පොලිස් යතුරු පැදි තුනක් දක්නට ලැබිණි.

මෙයට පෙර ජනාධිපතිවරයකු පාර්ලිමේන්තුවට පැමිණෙන විට දක්නට ලැබුණු රථවාහන පෙළ මෙවර දක්නට නොලැබිණි.

එසේම හමුදා උත්තමාචාර, ආචාර වෙඩිමුර, අශ්ව පෙළපාලි ආදී සියල්ල ජනාධිපතිවරයාගේ නියමය පරිදි අවලංගු කර තිබිණි.

ජනාධිපතිවරයාගේ සරල වැඩපිළිවෙළ සමාජමාධ්‍යවල බොහෝ දෙනා අතර දැඩි ප්‍රසාදයට හේතු වී තිබේ.

පසුගිය ජනාධිපතිවරු පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථා සමග වර්තමාන ජනාධිපතිවරයා පැමිණි ආකාරය දැක්වෙන ඡායාරූප සමාජමාධ්‍යවල බෙහෙවින් සංසරණය වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස