ජනපතිගේ කටුපොල් තීන්දුවට මල් වැසි! ෆේස්බුක් පිටුවේ වැඩිම ප්‍රතිචාර කටුපොල් තහනමට!

August 24, 2020 at 12:19 pm | by emanisa.lk

නව වැනි පාර්ලිමේන්තුව විවෘත කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කළ අතර එහිදී කටුපොල් වගාව සම්පූර්ණයෙන් නතර කර එම බිම්වල ගම්මිරිස් කුරුඳු වැනි අපනයන භෝග වගා කිරීමට තීන්දු කර ඇති බව සඳහන් කළේය.

මේ වන විට රට පුරා ජල උල්පත් සිඳීයාම, පාංශු ඛාදනය ඇතුළු බොහෝ පාරිසරික ගැටළුවලට හේතුවක් වී ඇති කටුපොල් වගාවට ජනතාව දැඩි ලෙස විරුද්ධ වෙති. කෙසේ වුවද අධික ලාභ උපයන කටුපොල් වතු හිමිකරුවෝ භට එරෙහිව මතු වන විරෝධතා නතර කිරීමට සිය මුදල් බලය යොදා ගනිති.

දේශපාලකයන් පමණක් නොව විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් පවා කටුපොල් සමාගම් මගින් මුදල් ගෙවා නිහඬ කර ඇති පසුබිමක ජනාධිපතිවරයා ගත් අභීත තීන්දුව පිළිබඳ ජනතාව බෙහෙවින් උද්දාමයට පත්ව ඇති බව එම තීන්දුවට ලැබෙන ප්‍රතිචාරවලින් තහවුරු වෙයි.

ජනාධිපතිවරයාගේ නිල ෆේස්බුක් පිටුවේ අදාළ තීන්දුව පිළිබඳ පෝස්ටුව දින කිහිපයක් ඇතුළත තුන් දහසකට වැඩි පිරිසක් හුවමාරු කරගෙන ඇති අතර දහ අට දහසකට අධික පිරිසක් සිය කැමැත්ත පළ කර තිබේ. මෑත දින කිහිපයේ එම පිටුවේ වැඩිම ප්‍රතිචාර ලැබී ඇති සටහන මෙයයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස