ජනතාව එපා කී 19න් කෑල්ලක්වත් එපා! කෑලි තියා ගන්නවා නම් 20 එපා! – ජනපති අවසන් තීන්දුව දෙයි…

September 19, 2020 at 5:01 pm | by emanisa.lk

පසුගිය මැතිවරණයේ දී රටට පොරොන්දු වූයේ 19 අහෝසි කරනවා කියා මිස එහි කොටස් තබා ගන්නා බවක් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සකස් කිරීමේ වගකීම තමන් භාර ගන්නා බවද හෙතෙම සඳහන් කර තිබේ.

එසේ නැත්නම් පවතින 19 වන සංශෝධනය ඒ ආකාරයම තබාගෙන 20 ඉවත් කරගෙන නව ව්‍යවස්ථාවක් හදන තෙක් ඉදිරියට යාම කළ හැකි යයි ද ජනාධිපතිවරයා පවසා ඇත.

පසුගියදා පැවති කැබිනට් මණ්ඩල හමුවේදී 20 වෙනි සංශෝධනය සම්බන්ධයෙන් වූ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර ඇත.

එහිදී යම් යමි මතවාද පළවූ අතර ජනාධිපතිවරයා අවසානයේදී සඳහන් කර ඇත්තේ දැනට ඉදිරිපත් කර ඇති 20 වන සංශෝධනය සම්මත කර පසුව එන ව්‍යවස්ථාවෙන් අඩුපාඩු සකස් කළ යුතු බවයි.

අවසානයේ ඒ සඳහා කැබිනට් මණ්ඩලය එකඟතාව පළ කර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස