ජනතාවට තවත් සහන ලබා දෙන්න සූදානම්! දිළිඳු පවුල්වල ළමුන් ලක්ෂ දහයක් වෙනුවෙන් පෝෂණ මල්ලක්!

May 5, 2020 at 11:18 am | by emanisa.lk

පාසල් දිවා ආහාර ලබන දශ ලක්ෂයක් පමණ වන දිළිඳු පවුල්වල සිසුන් වෙනුවෙන් පෝෂණ මල්ලක් ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇත.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශ මත මාසයකට ප්‍රමාණවත් වන අයුරින් මෙම පෝෂණ මල්ල සකස් කෙරෙන අතර එම පෝෂණ මල්ලට අයත් වන ආහාර ද්‍රව්‍ය එක් ආයතනයකින් මිලට ගැනීම සම්බන්ධයෙන් ද අමාත්‍යාංශය අවධානය යොමු කර තිබේ.

කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරු මගින් මෙම පෝෂණ මල්ල බෙදා හැරීමට ඇති හැකියාව පිළිබඳව ද මේ වන විට සාකච්ඡා කර ඇත. කොවිඩ් 19 සෞඛ්‍ය ක්‍රමවේදවලට අදාළව පාසල් දිවා ආහාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම මත අමාත්‍යාංශය මෙම පියවර ගැනීමට තීරණය කළ බව වාර්තා වෙයි.

වෛරසය සම්පූර්ණයෙන් පාලනය කරනතුරු සියලු පාසල්වල ආපනශාලා විවෘත කිරීම සුදුසු නොවන බවත් පාසල් දරුවන්ට සිය ආහාර නිවසින් රැගෙන එන ලෙස දැනුම් දෙන ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ අධ්‍යාපන අමාත්‍යාංශයට දන්වා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස