ගෝඨාගේ ඒකාධිපති මූණ ජනතාවට එපා වෙලා! අපේක්ෂකයන්ට ගෝඨගේ මූණ දාන්න එපා කීවේ ඡන්ද කැඩෙන නිසයි! – වික්‍රමබාහු

July 3, 2020 at 6:39 pm | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙම මැතිවරණය සඳහා තම පින්තූරය භාවිත නොකරන්නේ මැතිවරණ අපේක්ෂකයන්ට දන්වා ඇත්තේ ඔහුගේ පින්තූරය දැමුවමොත් ඡන්ද කැඩෙන නිසා බව එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂක වික්‍රමබාහු කරුණාරත්න සඳහන් කරයි.

ගෝඨාභය රාජපක්ෂගේ ඒකාධිපති ස්වරූපය මේ වන විට ජනතාවට එපා වී ඇතැයිද ඔහු පැවසීය.

මෙම තත්ත්වය යම්තාක් හෝ සමනය වී ඇත්තේ මහින්ද රාජපක්ෂ අගමැති ලෙස රාජකාරි කිරීමට පටන් ගැනීමෙන් පසුව බවත ඔහු සඳහන් කළේය.

මහින්ද රාජපක්ෂ ජාතිවාදී නොවන නායකයෙක් නිසා දෙමළ විරෝධී මුස්ලිම් විරෝධී තැනකට යනු ඇති බවට හැඟීමක් නැතැයිද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඔහු කියා සිටියේය.

ගෝඨාභය රාජපක්ෂගේ හිට්ලර් මුහුණ දැමූ පසු හමුදාවත් ඒකාධිපතිවාදය දමාගෙන යන ගමන ගැන අසාර්ථක බව වටහා ගෙන තිබීම මෙමගින් පෙනී යන බවද ඔහු සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස