ගල් වැලි ප්‍රවාහන ලයිසන් ක්‍රමය අහෝසියි! වෙළඳපොළේ එම ද්‍රව්‍ය මිල පහත වැටෙයි!

December 4, 2019 at 10:57 pm | by emanisa.lk

ඉදිකිරීම කටයුතු සඳහා පස්, ගල් හා වැලි ප්‍රවාහනයේදී පනවා තිබූ බලපත්‍ර ක්‍රමවේදය අහෝසි කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

අද(04) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගත් බව අමාත්‍ය එස්.එම් චන්ද්‍රසේන පවසයි.

පසුගිය සමයේ ගල් වැලි සඳහා ප්‍රවාහනය සඳහා පැවති දැඩි නීති රීති නිසා එම ද්‍රව්‍ය මිල අධික ලෙස ඉහළ ගිය අතර ඉදිකිරීම් කටයුතුවලට එය දැඩි ලෙස බලපෑවේය.

මෙම බලපත්‍ර ක්‍රමය අහෝසි කිරීම සමග කෘත්‍රීම ලෙස ඉහළ ගිය වැලි සහ ගල් මිල පහළ වැටෙනු ඇතැයි අනාවැකි පළ වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස