කොරෝනා ව්‍යසනයට අදාළව ලංකාවට විදේශ ආධාර මුදල් ලැබී නෑ! – අගමැති

May 5, 2020 at 7:50 am | by emanisa.lk

කොරෝනා ව්‍යසනයට අදාලව ශී‍්‍ර ලංකාවට මෙතෙක් මූල්‍යමය විදේශ ආධාර කිසිවක් ලැබී නැතැයි අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.

අග‍්‍රාමාත්‍යවරයා ඒ බව පැවසුවේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් සමග ඊයේ (4) පැවති රැස්වීමේදීිය.

විදේශ ආධාර ලැබීම් සහ ඒවා වියදම් කිරීම සම්බන්ධයෙන් විපක්ෂ කණ්ඩායම් විවිධ චෝදනා නගන බව හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර මහින්දානන්ද අලූත්ගමගේ මෙහිදී සිහිපත් කළේය.

ඒ අනුව ඒ පිළිබඳ නිසි දැනුම්වත් කිරීමක් අවශ්‍ය බව ඔහු පැවසුවේය. අග‍්‍රාමාත්‍යවරයාගේ අරාධනයෙන් මුදල් අමත්‍යංශයේ ලේකම් එස් ආර් ආටිගල ඊට පිළිතරු ලබා දුන්නේය.

ඔහු පැවසුවේ කොරෝනා ව්‍යසනය සැලකිල්ලට ගෙන අමෙරිකානු ඩොලර් මිලියන 127 ආධාරයක් ලබා දීමට ලෝක බැංකුව එකඟ වී ඇති බවයි. එහෙත් එම මුදල්ද තවමත් ලැබී නැතැයි මුදල් අමත්‍යංශයේ ලේකම්වරයා අනාවරණය කළේය.

මූල්‍ය ආධාර නොලැබුණත් ද්‍රව්‍යම ආධාර විදෙස් රටවලින් ලැබී තිබෙන බව ද මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස