කොරෝනා පිටකොටුවටත් කඩාපනී! වෙළෙඳසැල් දෙකක පස් දෙනෙකුට කොරෝනා!

October 19, 2020 at 10:58 pm | by emanisa.lk

කොළඹ පිටකොටුව 4 වන හරස් වීදියේ ව්‍යාපාරික ස්ථානයක හිමිකරුවෙකුට සහ එහි සේවකයන් තිදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බව කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

එසේ ම පිටකොටුව මැනිං වෙළඳපොළේ ආපනශාලා හිමියෙකුට ද කොරෝනා ආසාදනය වී තිබේ.

හතර වන හරස්වීදියේ වෙළඳ සැලේ තවත් සේවකයන් 16ක් නිරෝධායනයට යොමු කර ඇති අතර මැනිං වෙළඳපොළේ ආපනශාලාව ඇතුළු කඩ කිහිපයක් වසා දමා එහි සේවකයන් PCR පරීක්ෂණ සඳහා යොමු කර තිබේ. එම පරීක්ෂණවල ප්‍රතිඵල හෙට ලැබීමට නියමිතය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස