නිර්ධන පන්තියේ බිමල්ලා යහපාලන යුගේ කෝටිපති වෙලා! 4 වෙනි සුපිරි මෝටර් රථයත් මිලට ගනී! වත්කම් කෝටි 100 පනී!

December 30, 2019 at 8:42 am | by emanisa.lk

ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායකගේ බිරිඳ රු. කෝටි දෙක ඉක්මන සුඛෝපභෝගී BMW 7 Series M760i වර්ගයේ මෝටර් ‍රථයක් මිලට ගෙන ඇතැයි වාර්තා වෙයි. ඒ මෙරට ප්‍රසිද්ධ රථ වාහන ආනයන සමාගමක් වන Prestige Automobile (Pvt) Ltd සමාගම මගිනි.

2015ට පෙර පෞද්ගලික මෝටර් රථයක් නොතිබුණු බිමල් රත්නායක පවුල 2015 පසු නවීන වාහන 4ක් ආනයනය කර ඇති අතර 2017 වසරේ කොළඹ සුපිරි නිවාස සංකීර්ණයකින් රු. කෝටි 20 ඉක්මවන නිවසක් මිලට ගත්තේය.

මෙවර මිලට ගත් මෝටර් රථය සඳහා මන්ත්‍රීවරයා තීරුබදු රහිත බලපත්‍රයක් භාවිත කර ඇති අතර එය මන්ත්‍රීවරයකුට හිමි බලපත්‍රයක් නොවීම ද විශේෂත්වයකි.

බිමල් රත්නායක කිසිදු රැකියාවක් හෝ ව්‍යාපාරයක් නොකරන පූර්ණ කාලීන ජවිපෙ සාමාජිකයකු වන අතර ඔහුගේ වැටුප ද ජවිපෙ ඒකාබද්ධ අරමුදලට බැරවෙන බව නොරහසකි. නිර්ධන පන්තියේ බිමල් රත්නායක පවුල වසර 4ක් තුළ රු. කෝටි 100 ඉක්මන වත්කම් හිමි කෝටිපතියන් බවට පත්වන්නේ එවැනි පසුබිමකය.

ජවිපෙ මේ වන විට තමන්ගේ ව්‍යාපාර ද ඉක්වන ලාභ ලබන ව්‍යාපාරයක් බවට පත්ව ඇතැයි දෙරණ මාධ්‍ය ජාලයේ ප්‍රධානී දිලිත් ජයවීර අනාවරණය කළේය. අනුර දිසානායකගෙන් පසු ජවිපෙ නායකත්වයට යෝජනා වී ඇත්තේ ද බිමල් රත්නායක බව වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස