රණවිරුවන්ට මානව හිමිකම් චෝදනා නැගෙන්නේ එජාප-ජවිපෙ යහපාලනය කළ මහා පාවදීම නිසායි! – අගමැති

February 19, 2020 at 5:09 pm | by emanisa.lk

කොටි ත්‍රස්තවාදය පරාජය කිරීමට නායකත්වය දුන් හමුදා ප්‍රධානීන්ට මානව හිමිකමි උල්ලංඝනය කළ බවට වෙනත් රටවලට චෝදනා කිරීමට අවස්ථාව ලැබුණේ එජාප ජවිපෙ සහ දෙමළ සන්ධානය විසින් ගෙන ගිය යහපාලන ආණ්ඩුව ජිනීවාහිදී සිදුකළ ඓතිහාසික පාවාදීම නිසා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.

“වෙනත් රටවලට අපගේ ආරක්‍ෂක හමුදා සාමාජිකයන් මේ ආකාරයට මානව හිමිකම් උල්ලංඝනය කළ පුද්ගලයන් හැටියට නම් කිරීමට අවකාශය ලැබුණේ, එක්සත් ජාතික පක්‍ෂය, දෙමළ ජාතික සන්ධානය හා ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ගිය යහපාලන ආණ්ඩුව 2015 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ලංකාවට එරෙහිව ගෙන එනු ලැබූ අංක 30/1 යෝජනාවට සම අනුග්‍රාහකත්වය දැක්වීමෙන් කළ ඓතිහාසික පාවාදීම නිසාය.

මේ යෝජනාවේ පළමු ක්‍රියාකාරී වගන්තියේම, 2015 සැප්තැම්බර් මස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමාසාරිස් කාර්යාලය විසින් ලංකාවේ සන්නද්ධ හමුදා මානව හිමිකම් උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් සම්පාදනය කර තිබූ වාර්තාව අගය කර තිබුණි.

මෙකී වාර්තාව ඊට කළින්, 2011 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා, එම ආයතනයේ සාමාන්‍ය ක්‍රියා පටිපාටියට පිටින් පත් කොට තිබු නිල නොවන ත්‍රි පුද්ගල කමිටුවක වාර්තාව මත පදනම්ව තිබුණි.

ඒ ආකාරයට, යුද්ධය අවසන් වූ කාලයේ සිට අපේ ආරක්‍ෂක හමුදාවන්ට එරෙහිව නොයෙක් පාර්ශව විසින් එල්ල කළ සියලුම පදනම් විරහිත චෝදනා, එක්සත් ජාතික පක්ෂය-දෙමළ ජාතික සන්ධාන-ජනතා විමුක්ති පෙරමුණ යහපාලන හවුල පිළිගෙන ඇත.

30/1 යෝජනාව ලංකාවේ සම අනුග්‍රාහකත්වය තුළින් පවත්වාගෙන යෑමේ ක්‍රියාවලියෙන් ඉවත්වීමට අපේ ආණ්ඩුව තීරණය කර ඇත.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස