කොරෝනා උවදුර මැදින් ඉදිරියට යන්න රට සූදානම්! ආරක්ෂක උපක්‍රම සමග ගාල්ලේ තේ කම්හල 66ය මැඩ!

April 1, 2020 at 5:42 pm | by emanisa.lk

ඇදිරි නිතිය පැවතියද ගාල්ල දිස්ත්‍රික්කයේ තේ කම්හල් 66ම විවෘත කර නිෂ්පාදන කටයුතු කරගෙන යන බැව් ගාල්ල දිස්ත්‍රික් තේ කම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති චානක සේනෙවිරත්න පවසයි.

කොරෝනා වසංගතයත් සමග තේ කම්හල්වල නිෂ්පාදන කටයුතු කිරිමේ ප්‍රායෝගික ගැටළු පැවතියද සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් තේ කම්හල්වල වැඩකටයුතු සිදුකරගෙන යන බව තේ කම්හල් හිමියන්ගේ සභාපතිවරයා පවසයි.

ඔහු මේ පිළිබද අදහස් දක්වමින් මෙසේද කිවේය.

“තේ වෙන්දෙසිය කල්ගිහින් තියෙනවා. එය විද්‍යුත් ක්‍රමයට පැවැත්විමට කටයුතු කරමින් පවතිනවා. මේ නිසා තේ දළු ලබාදෙන කුඩා තේ වතුහිමියන්ට මුදල් ලබාදිමේ දි යම් ප්‍රමාදයක් ඇති වේවි.

එමෙන්ම දර සපයා ගැනිමේ දි ගැටළුවක් තියෙනවා. ඇදිරි නිතිය තිබිම නිසා දර කපන අය ඒ කටයුතු කරන්නේ නැහැ.ඒ විතරක් නෙවෙයි ඉදිරියේ දි තේ නිමි බැග්වලත් ගැටළුවක් ඇති වේවි. තේ නිමි බැග් නිෂ්පාදනය කරණ කම්හල් වසා දමා තියෙනවා. තේ කම්හල්වල සේවය කරන සේවකයින්ට මුඛ ආවරණ ලබාදි තියෙනවා. අත් සෙදිමට පහසුකම් සලසා තියෙනවා.

ආරක්ෂිත සෞඛ්‍ය ක්‍රම අනුගමනය කරමින් තේ කම්හල්වල වැඩකටයුතු කරගෙන යනවා. නියගය නිසා තේ දළු අස්වැන්න අඩු තියෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස