කොන්දේසි විරහිතව 20 පරාජය කරන්න සජිත් තීන්දු කරයි!

September 7, 2020 at 7:49 pm | by emanisa.lk

විසි වන ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථා සංශෝධනය   පරාජය කිරීමට කොන්දේසි විරහිතව කටයුතු කිිිිිිිරීමට සමගි ජනබලවේගය තීන්දු කොට තිබේ.

අද (07) සමගි ජනබලවේගයේ මන්ත්‍රී කණ්ඩායම පාර්ලිමේන්තු සංකීර්ණයේ කමිටු ශාලා අංක 2 දී රැස්වූ අතර එහිදී අදාළ තීන්දුව ඒකමතිකව ගනු ලැබීය.

මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ විසින් ඒ පිළිබඳව යෝජනාව ගෙන ආ අතර කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ එය ස්ථීර කරනු ලැබීය.

19 වන ව්‍යවස්ථා සංශෝධනයෙහි ඇති ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම වඩාත් ශක්තිමත් කිරීමත්, 19+ දක්වා එය රැගෙන යාමත් සිය ස්ථාවරය බව සමගි ජනබලවේගය අවධාරණය කොට තිබේ.

මේ අතර ’19න් ඉදිරියට’ තේමාව කොටගෙන ජනතා විරෝධතාවක් හෙට (08) සවස 4ට ජපන් මිත්‍රත්ව  මාවතේ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ පිළිරුව අසලදී පැවැත්වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස