කොටින්ට ආයුධ දුන්නෙත් පොලිසියට යටත් වෙන්න කීවෙත් ප්‍රේමදාස! ප්‍රජාතන්ත්‍රවාදයට ආව මං අත්අඩංගුවට ගන්න බෑ! – කරුණා

June 24, 2020 at 10:05 am | by emanisa.lk

කොටි සංවිධානය සහ රජය අතර ඇතිවූ යුද්ධයේදී සිදුවූ දේවලට දැන් අත්අඩංගුවට ගැනීමට නොහැකි බව නැගෙනහිර හිටපු කොටි නායකයා වූ විනයාගමූර්ති කරුණා පැවසීය.

අලිමංකඩදී සහ කිළිනොච්චියේදී හමුදා භටයන් ඝාතනය කිරීම ගැන තමා කළ ප‍්‍රකාශය ගැන දරන ස්ථාවරය වෙනස් නොකරන බව පැවසූ කරුණා තමා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රවාහයට එක්ව සිටින බව කීවේය.

‘කොටි සංවිධානයට මුදල් දුන්නේ ආර්. පේ‍්‍රමදාස රජයයි. පොලිසියට යටත් වන ලෙස පැවසුවේ ද එම රජයේ ජනාධිපති ආර්. පේ‍්‍රමදාස මේ අතීතය මා දන්නවා’ යැයි ඔහු සඳහන් කළේය.

2004 වසරේදී තමා කොටි සංවිධානයෙන් ඉවත් වූ බව ද හෙතෙම පැවසීය.

තමා අත්අඩංගුවට ගන්නැයි ඉල්ලන දේශපාලන පක්‍ෂ ද වැරදි කර තිබෙනවා යැයි කරුණා කියා සිටියේය.

යුද්ධයේදී හමුදාව සහ කොටින්ගේ දිවි අහිමි වුණා. සජිත් දන්නවා ඔහුගේ පියා මුදල් හා පතොරම් ලක්ෂයක් දුන් බවත් ඒ වෙලාවේ කොටි දුර්වලව සිටි යැයි කරුණා කීවේය.

– divaina

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස