මම කොරෝනාට වඩා භයානකයි! හමුදාවේ දෙතුන් දාහක් එක රැයින් මැරුවා! – කරුණා අම්මාන්

June 20, 2020 at 8:19 am | by emanisa.lk

තමන් කොවිඩ් 19 වසංගතයට වඩා භයානක බවට කාරතිව් පළාත් පාලන ආයතනයේ සභාපතිවරයා සිදුකළ ප්‍රකාශයට හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් වන විනයාගමුර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් අද පිළිතුරු ලබාදු⁣නි.

ඒ අම්පාර, නාවදින්වේලි ප්‍රදේශයේ දී පවතී ජනහමුවකට එක්වෙමිනි.

” කාර්තිව් සභාපතිවරයා කියා තිබෙනවා මම කොරෝනාවට වඩා භයානකයි කියලා. ඔව් ඒක ඇත්ත. මම කොරෝනාවට වඩා භයානකයි. මම එල්ටිටිඊ සංවිධානයේ ඉද්දි අලිමංකඩ කඳවුරේ හිටපු හමුදාවේ 2000 – 3000ක් අතර පිරිසක් එක රැයින් මරා දැමුවා. ඒවගේමයි කිලිනොච්චිවලදීත්, ඊට වඩා මරා දැමුවා. එය කොරෝනා වෛරසයෙන් ලංකාවේ මැරුණ සංඛ්‍යාවට වඩා වැඩියි.”

ඔහුගේ මෙම ප්‍රකාශය ඇතුලත් වීඩියෝ දර්ශන පුද්ගලික රුපවාහිනි ආයතනයක් විසින් සිය ප්‍රවෘත්ති විකාශය අතර වාරයේදී විකාශය කරනු ලැබීය.

එල්ටිටිඊ සංවිධානයේ නැගෙනහිර සන්නද්ධ අංශ නායකයා ලෙස ක්‍රියා කළ කරුණා අම්මාන් යනුවෙන් ප්‍රචලිත විනයාගමුර්ති මුරලිදරන් එම සංවිධානයෙන් කැඩී වෙන්වී ගිය අතර පසුව TMVP සංවිධානයේ නායකයා ලෙස කලක් ක්‍රියා කිරීමෙන් පසුව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයට තේරී පත් කෙරිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස