කුවේටයෙන් රැගෙන ආ ලාංකිකයන් 70කට කොරෝනා! කටාරයෙන් හෙට ලාංකිකයන් රැගෙන ඒම අතහැර දැමේ!

May 25, 2020 at 10:17 pm | by emanisa.lk

කටාර් රාජ්‍යයේ සිට හෙට (26) දින ශ්‍රී ලාංකිකවට රැගෙන ඒමට සැලසුම් කර සිටි පිරිස මෙරටට ගෙන ඒම තාවකාලිකව අවලංගු කිරීමට තීරණය කළ බව විදේශ සම්බන්ධතා පිළිබඳ ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ පවසයි.

හෙට (26) දින අලුයම 5.45 ට කටාර් රාජ්‍යයේ දෝහා නුවර සිට, එරට රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 273 දෙනෙකු ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්.- 218 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ඒමට සැලසුම් කර තිබිණි.

කුවේට් රාජ්‍යයේ සිට ඉකුත් 19 දින මෙරටට රැගෙන ආ ශ්‍රී ලාංකිකයන් 466 දෙනා අතරින් මේ වන විට නිරෝධායනය වෙමින් සිටින 70ක පමණ පිරිසකට කොරෝනා ආසාදනය වී ඇති බව අනාවරණය වීමත් සමග මෙම තීරණය ගෙන තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස