කිසිවෙකුගේ ප්‍රාණ ඇපකරුවෙකු නොවී අලුත් ව්‍යවස්ථාවක් හදන්න ජනපතිට 2/3 බලයක් දෙන්න! – බැසිල්

July 9, 2020 at 1:03 pm | by emanisa.lk

කිසිදු පාර්ශ්වයක ප්‍රාණ ඇපකරුවන් බවට පත් නොවී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සඳහා ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට 2/3 බලයක් අවශ්‍ය බව එම පෙරමුණේ ජාතික සංවිධායක හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ ඊයේ (08) ප්‍රකාශ කළේය.

බත්තරමුල්ල නෙළුම් මාවත පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේ රටට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බවය.

එවැන්නක් සකස් කිරීම සඳහා ශක්තිමත් පැහැදිලි බලයක් ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට අවශ්‍ය බවද එම බලය ලබාදෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

එළැඹෙන අගෝස්තු මස 06 වැනිදායින් පසු පත්වන ආණ්ඩුවේ අය-වැය මෙම වසරේම ඉදිරිපත් කිරීමට කාලයක් නොමැති බැවින් නව ආණ්ඩුවේ ප්‍රථම අය-වැය ලේඛනය 2021 වසරේ නොවැම්බර් මස මුල් සතියේ ඉදිරිපත් කරන බවද ඔහු එහිදී පවසා සිටියේය.

එසේම 2020 වසරට අයවැය ඉදිරිපත් කිරීමට කාලයක් නොමැති බැවින් අතුරු සම්මත ගිණුමක් මගින් ඉදිරි කාලය සඳහා මුදල් වෙන්කර ගන්නා බවද ඔහු කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස