කෑගලු කොරෝනා ඔසුවට රජරටින් පොල්ලක්..! සායනික අනුමැතිය නොදෙමින් කට්ටි පනී! කුහකාචාරියෙක් නාඩගම පිටුපස!

December 23, 2020 at 11:11 am | by emanisa.lk

ආන්දෝලනයට ලක් වූ කෑගල්ලේ ධම්මික වෙද මහතාගේ පැණිය පිළිබඳ සායනික පරීක්ෂණය සිදු කිරීමට පත් කල විශේෂඥ කමිටුවට එම පරීක්ෂණ සිදු කිරීමට නොහැකිව ඇත්තේ පරීක්ෂණය සඳහා ලබා ගත යුතු අනුමැතිය රජරට වෛද්‍ය පීඨයේ ආචාර්ය ධර්ම කමිටුවෙන් (Ethics committee) නොලැබීම හේතුවෙන් බව වාර්තා වේ.

මෙම අනුමැතිය රජරට වෛද්‍ය පීඨ කමිටුවෙන් ලබා ගත යුතුයැයි තීරණය වී තිබුණේ ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවති සාකච්ජාවකදීය. රජරට වෛද්‍ය පීඨ කමිටුව කාර්යක්ෂම ලෙස අයඳුම්පත සලකා දින දෙකක් තුළ තීරණයක් ලබා දේ යැයි පැවති විශ්වාසය නිසා ඔවුන්ට එම වගකීම පැවරුව ද සති 3 ආසන්න කාලයක් විවිධ හේතු දක්වමින් ඔවුන් අවසන් තීරණයක් ලබා දීමට කල් මරමින් ඇත.

මීට ආසන්නම හේතුව එම වෛද්‍ය පීඨයේ ආචාර්යවරයෙක් පැණිය පිළිබඳ පරීක්ෂණයට අනුමැතිය නොදෙන ලෙස පවසමින් සිදු කරන අයුතු බලපෑම් බව ද පැවසේ.

පැණියේ හොඳ නරක සතියක් ඇතුලත පරීක්ෂා කර රටට හෙළි කිරීමට ආරම්භයේ දී සැලසුම් කළ ද ඒ සියල්ල අඩාල වුයේ රජරට වෛද්‍ය පීඨයේ ආචාර්ය කමිටුවේ අලස, පක්ෂපාතී ක්‍රියා කලාපය නිසා බව චෝදනා එල්ල වෙමින් පවතී.

යම් හෙයකින් පැණියේ ගුණයක් ඇත්නම් එහි ප්‍රතිපල රටට ලබා ගත නොහැකි වීමේ වගකීමත්, එහි ගුණයක් නැතිනම් රටේ අනවශ්‍ය පැණි පොකුරක් ඇති වීමේ වගකීමත් පරීක්ෂණ හිතා මතා ප්‍රමාද කළ රජරට වෛද්‍ය පීඨයේ ආචාර්ය ධර්ම කමිටුව භාර ගත යුතු බව චෝදනාවක් එල්ල වී ඇත.

– ඩී.එම්. විජේරත්න

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස