ඖෂධය හැදුවේ ලොවම සුවපත් කරන්න! ඇයි විසිකරන්න කීවේ! මම කාලි! ඔබේ අම්මා! – ධම්මික බණ්ඩාර අටමස්ථානාධිපති හිමි අසල පරල වෙයි…

December 16, 2020 at 11:06 pm | by emanisa.lk

කොරෝනා රෝගය නිවාරණය සඳහා ඖෂධයක් නිපදනවන ලදද කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා එම ඖෂධය ජය ශ‍්‍රී මහා බෝධියට හා රුවන්මැලි මහා සෑයට අද දිනයේ පූජා කරන ලදී.

ජය සිරි මහා බෝධියේ ඉහළ මළුවට ගොස් එය පූජා කිරීමට අවසර ඉල්ලුව ද ඔහුට අවසර ලැබුණේ පහළ මළුවේ සිට එය පූජා කිරීමට පමණි.

එම කටයුතු නිම වීමෙන් පසු ධම්මික බණ්ඩාර වෙද මහතා පැමිණ අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමියන් ඉදිරියේ ආවේගයෙන් අදහස් දක්වනු දැකගත හැකි විය.

ලෝකය බේරා ගැනීමට සාදන ලද ඖෂධය සිරි මහා බෝධියට පූජා කිරීමට අවසර නොදුන්නේ මන්දැයි ඔහු උස් හඬින් නාහිමියන්ගෙන් විමසා සිටියේ ය.

‘ලෝකයේ සියලු දෙනාම බේරගන්න මං ඖෂධයක් හැදුවා. ඔබ වහන්සෙ දන්නව මං කාලි කියල. මගේ ඖෂධයට ඇයි අගෞරවයක් කළේ පැත්තකට විසි කරන්න කියල. මං උතුම් වූ ජයසිරි මා බෝධීන් වහන්සේගේ බෝධි මූලයටයි මේ පූජාව කරන්න හැදුවෙ. ඇයි මට අවසර දුන්නෙ නැත්තෙ. මං කාලි. ඔබ වහන්සේගෙ අම්මා. මට මේ කටයුත්තෙන් ඉවත් වෙන්න අවසර දෙන්න.’ යයි ද ඔහු එහි දී පැවසී ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස