‘මගෙ ගෑණිට ලෙඩේ හැදුණා.. බෙහෙත දෙන්න..’ බෙහෙත් ඉල්ලා ජනතාව ධම්මික බණ්ඩාරගේ නිවස වටලයි…ආසාදිතයන්ගේ ආශ‍්‍රිතයොත් ඔවුන් අතර.. විද්වත් කමිටුව තවම නිහඬයි…

December 19, 2020 at 7:43 am | by emanisa.lk

කොරෝනා වෛරස් රෝගය සුවපත් කිරීම සඳහා ඖෂධයක් නිපද වූ කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතාගෙන් ඖෂධ ලබා ගැනීම සඳහා විශාල පිරිසක් පිරිසක් පැමිණ සිටියහ.

නමුත් ඔහුගේ නිවස ඉදිරිපිට අලවා තිබූ දැන්වීමක සඳහන් කර තිබුණේ නැවත දැනුම් දෙන තුරු එම ස්ථානයෙන් ඖෂධ නිකුත් නොකරන නිසා නිකරුනේ එහි රැඳී සිටිමින් වළකින ලෙසය.

ඖෂධ ලබා ගැනීමට පැමිණ සිටි ඇතැම් ඇතැමුන් දැඩි ආවේගශීලී හැසුරුන අතර සමහරුන් කියා සිටියේ ඖෂධ බෙදා දෙන බව ආරංචි වූ නිසා එය ලබා ගැනීම සඳහා පැමිණි බවයි.

බිරිඳ ආසාදිත නම් සැමියා සිටි යුත්තේ නිරෝධායනයේ වුවත් එම නිරෝධායන රෙගුලාසි බිඳිමින් පුද්ගලයෙක් පැමිණි ඒ බව ද කියා සිටියේ ය.

මෙම ඖෂධය පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ බටහිර වෛද්‍යවරුන්නේ සමන්විත විශේෂඥ කමිටුව මෙතෙක් සිය තීන්දුව ලබා දී නොමැති අතර පසුගියදා අගමැතිවරයා ද වහා ම එම වාර්තාව නිකුත් කරන ලෙස දැනුම් දුන්නේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස