කොරෝනා ඖෂධය බෙදා දීම තහනම් කරලා! දුන්නොත් මාව අත්අඩංගුවට ගනිවී! – ධම්මික බණ්ඩාර

December 11, 2020 at 11:04 pm | by emanisa.lk

කොරෝනා මර්දන ඖෂධය ලබා ගැනීමට කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතාගේ නිවස ඉදිරිපිටට අද (11) දිනයේ ද විශාල පිරිසක් පැමිණ සිටියහ.

ඔවුන් හමුවීමට පැමිණි ධම්මික බණ්ඩාර වෙද මහතා කියා සිටියේ එළැඹෙන 18 වැනිදා දක්වා තමන්ට ඖෂධ ලබා දීම තහනම් කර ඇති බවය.

එය නොතකා තමන් ඖෂධ ලබා දුනහොත් පොලිසියට තමන් අත්අඩංගුවට ගත හැකි බව ඔහු පැවසුවේ අසල සිටි පොලිස් නිලධාරීන් පෙන්වමිනි.

ග්‍රාමසේවක නිලධාරීන් මාර්ගයෙන් ඉදිරියේ දී ඖෂධ ලබා දීමට වැඩපිළිවෙළක් සකසමින් ඇතැයිද ඔහු තවදුරටත් පැවසීය.

නිරෝධායන නීති කඩමින් විශාල වශයෙන් එක් රැස් වීම නවතන ලෙස ද ඔහු එම පිරිසගෙන් ඉල්ලා සිටියේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස