කාලිමෑණි කියන්නේ ලංකාවේ කෙනෙක් නෙමෙයි! ධම්මිකගේ කනට ගහල එළවන්න ඕන! – දේවාලේහිඳ අජිත හිමි

December 18, 2020 at 3:12 pm | by emanisa.lk

තමන් සිංහල වෙදකමට බෙහෙවින් ආදරය කරන එය විශ්වාස කරන අයකු බවත් තමන් එරෙහි වන්නේ එහි සැඟව එන ප්‍රෝඩාවට බවත් දේවාලේහිඳ අජිත හිමි පවසයි.

ධම්මික බණ්ඩාර දේශීය වෛද්‍යවරයෙකු නොව කපුවෙකු බව පවසන එහිමියන් පෙන්වා දෙන්නේ අදාළ ඔසුව සිරිමහ බෝධියට පූජා කිරීමට රැගෙන ගියේ රටේ ම සිටින හොරුන්ට තක්කඩින්ට ලබා දීමෙන් අනතුරුව ඉඳුල් කර බවයි.

එහෙයින් ධම්මික බණ්ඩාරට පළමු මළුවට දෙවන මළුවට නොව පැත්ත පළාතේ පැමිණීමට ඉඩනොදිය යුතු බවත් කනට ගසා එළවා දැමිය යුතු බවත් දේවාලේහිඳ අජිත හිමි අවධාරණය කරයි. බෙහෙතක් නිර්මාණය කළේ නම් එහි පළමු කොටස දළදා මැදුරට, ශ්‍රී මහ බෝධියට සහ රුවන්වැලි සෑයට පූජා කළ යුතු බව අජිත පෙන්වා දෙයි.

කාලි මෑණියන් යනු අවතාරයක් බවත් කාලි මෑණියන් මේ රටේ අයකු නොවන බවත් එහිමියන් වැඩි දුරටත් සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස