කෑගලු ඔසුවේ පරීක්ෂණ ප්‍රතිඵල නිකු වෙයි..! ඇමැති චන්නගේ විග්‍රහය මෙන්න….!

December 19, 2020 at 10:58 am | by emanisa.lk

කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතා විසින් කොරෝනා වෛරසය සඳහන් නිෂ්පාදනය කර ඇති ඖෂධය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ වාර්තාව ලැබී ඇතැයි ඖෂධ නිෂ්පාදන සහ සැපයුම් නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

එම වාර්තාව අනුව මෙම ඖෂධයේ විෂ සහිත කිසිවක් නැතැයි සඳහන් වන බව ඔහු කියා සිටියේ ය.

නමුත් මෙතැනින් එහාට සායනික පරීක්ෂණ කිරීම සඳහා යම් ක්‍රියාවලියක් ඇතැයි පැවසූ ඇමතිවරයා එම ක්‍රියාවලිය තුළ ද මෙය යම් මට්ටමකට ඉදිරියට ගොස් ඇතැයි ද පැවසී ය.

බටහිර හෝ ආයුර්වේද නොවන ඖෂධයක් එම වෛද්‍ය ක්‍රම දෙකෙන් පරීක්ෂණ කිරීම ගැටලු සහගත වුවත් ජනතාවගේ යම් පිළිගැනීමක් ලැබිය යුතු නිසා එසේ පරීක්ෂණ සිදුකරන බව ද ඔහු සඳහන් කළේ ය.

ධම්මික බණ්ඩාර වෙදමහතා කියන ආකාරයට එම ඖෂධය නිෂ්පාදනය කර ඇත්තේ ඇසට නොපෙනෙන ජීව කොට්ඨාසයකින් ලැබුණු දැනුමකින් බව ද පවසන ඇමැති ජයසුමන එහි කිසිදු ප්‍රශ්නයක් නොමැති බව ද කියා සිටියේ ය.

නමුත් එම ඖෂධය විෂ රහිත නම් වෛරසයට ප්‍රතිඵලදායක නම් ඒ ගැන සොයා බැලීමේ වරදක් නැතැයි ද සඳහන් කළේය.

තමන් බටහිර වෛද්‍ය විද්‍යාව උගත් වෛද්‍යවරයෙකු වුවද ලෝකයේ ඇත්තේ එකම දැනුම පද්ධතියක් යයි කියන මතයට තමන් කිසිසේත්ම එකඟ නැතැයිද පැවසූ ඔහු මනුෂ්‍යයාට පිළිතුරු දිය හැක්කේ බටහිර වෛද්‍ය විද්‍යාවෙන් පමණ යයි කියන මතය තමන් නැති බවත් පැවසීය.

බටහිර නොවන දැනුම් පද්ධති ඕනෑ තරම් ලෝකයේ ඇති බවත් ඒවායෙන් ද මනුෂ්‍යයාට පිළිතුරු සපයන්න පුළුවන් යැයි යන ස්ථාවරයේ තමන්ට සිටින බවද තව දුරටත් ඔහු කියා සිටියේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස