ක්‍රිකට් වර්ජන තර්ජන කතා බොරු….! විවේචනවලට පිළිතුර ජයග්‍රහණයයි…! – ක්‍රිකට් සභාපති…

January 26, 2021 at 11:01 pm | by emanisa.lk

ක්‍රිකට් වර්ජනයක් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා පවසයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වන විවේචන ඉදිරියේදීත් පැවතුනහොත් තරග වර්ජනය කිරීමක නිරත වන බවට තමන් කිසි විටෙක ප්‍රකාශ කර නොමැති බව ඔහු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා වශයෙන් එවැනි ආකාරයේ වගකීම් විරහිත ප්‍රකාශයක් තමන් කිසි විටෙකත් සිදු නොකළ බව ෂම්මි සිල්වා නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

එය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් ජයග්‍රහණය මෙන් ම පරාජයත් එක සේ දරා ගැනීමට ක්‍රීඩකයන්ට මෙන්ම ක්‍රිකට් ආයතන නිලධාරින්ටත් ශක්තිය තිබෙන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන හැම දෙනා ම මේ මොහොතේ සිටින්නේ කනගාටුවෙන් බවත් මෙම තත්වයට අප පිළිතුරු ලබා දිය යුත්තේ ප්‍රකාශ මගින් නොව කණ්ඩායමක් ලෙස ජයග්‍රාහි මාවතට අවතීර්ණවීමෙන් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා සඳහන් කරයි.

ඒ සඳහා ක්‍රිකට් පරිපාලනය පැත්තෙන් ගත හැකි සෑම උත්සාහක් ම ගන්නා බව ද ඔහු සඳහන් කරයි. ක්‍රිකට් සම්බන්ධව පළ වන මෙවැනි ආකාරයේ අසත්‍ය ප්‍රකාශ පිළිනොගන්නා ලෙස ද ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ෂම්මි සිල්වා ක්‍රීඩාවට ආදරය කරන ක්‍රීඩා ලෝලීන්ගෙන් විශේෂයෙන් ඉල්ලා ඇත.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස