LPL ක්‍රිකට් වාර්තා පොත අලුත් කරයි! සූරියවැව සුපිරි වාර්තාවක් පිහිටුවයි!!

November 29, 2020 at 7:46 am | by emanisa.lk

මෙ රට දී ක්‍රිඩකයෙකු වාර්තා කළ වේගවත්ම අර්ධ ශතකය වාර්තා කිරීමට මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ කලම්බෝ කිංග්ස් කණ්ඩායම නියෝජනය කරන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක අන්ද්‍ර රසල් සමත් විය. ඒ ඊයේ රාත්‍රියේ පැවති තරගයේ දී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට එරෙහිව පන්දු 14ක දී අර්ධ ශතකයක් වාර්තා කරමිනි.

හම්බන්තොට සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් තරගයේ එක් ඉනිමක් පන්දු වාර 5කට සීමා විය.

ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් කලම්බෝ කිංග්ස් කණ්ඩායම නියමිත පන්දු වාර 5 අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 96ක් රැස් කළේ ය. එම ලකණු සංඛ්‍යාව වාර්තා පොත් අතරට එක් වුණේ ඉනිමක් පන්දුවාර 5කට සීමා වූ තරගයක කණ්ඩායමක් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසටය.

එහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩා කළ අන්ද්‍ර රසල් පන්දු 19කදී නොදවී ලකුණු 65ක් රැස් කළ අතර ඊට හයේ පහර 04ක් සහ හතරේ පහර 09ක් ඇතුළත් විය.

ලකුණු 97ක ඉලක්කයක් හඹා යාම සඳහා පිටියට පිවිසි ගෝල් ගැලැඩියේටර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 5 අවසානයේ දී කඩුලු 2ක් දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 62ක් පමණය. තරගයේ වීරයා ලෙස අන්ද්‍ර රසල් සම්මාන දිනා ගත්තේ ය.

මේ අතර ලංකා පි‍්‍රමියර් ලීග් කි‍්‍රකට් තරගාවලියේ ඊයේ පැවති තවත් තරගයකින් ජය වාර්තා කිරීමට දසුන් ශානක නායකත්වය දරන දඹුල්ල වයිකින්ග් කණ්ඩායම සමත් විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *