කසිප්පු බොන අය මැරුණාට කමක් නෑ! මොකටද ජරාව බොන්නේ? – ජනාධිපති

August 6, 2019 at 11:48 am | by emanisa.lk

මීරිගම ප්‍රදේශයේ 13 දෙනෙකු කසිප්පු විෂ වීමෙන් මියගිය බව තමන් පුවත්පතකින් දුටු බවත් කසිප්පු බොන අය මැරුණාට කමක් නැති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ බව පැවසුවේ ඊයේ (05) ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමිනි.

“මම දැක්කා උදේ පත්තරේ ගම්පහ දිස්ත්‍රික්කෙ, මෙතන අල්ලපු වැටේ මීරිගම ඊයෙ 10 දෙනෙක් මැරිලා කසිප්පු බීලා විස වෙලා. 13 දෙනෙක්. මට බනින්න එපා කිව්වට මං නම් කියන්නෙ එහෙම වුණාට කමක් නෑ කියලා. මොකටද මේ දහජරාව බොන්නෙ ? කසිප්පු බීලා මැරුණා නම් කොරන්න දෙයක් නෑ.”

“නීතිවිරෝධී මත්ද්‍රව්‍ය රටපුරා පැතිරිලා. කසිප්පු බීලා මිනිස්සු මැරෙන එක අද ඊයේ කාරණයක් නෙවෙයි. මම එල්ලුම් ගහ, මරණීය දණ්ඩනය දෙන්න තීරණය කළෙත් මෙය ප්‍රබල විදියට ව්‍යාප්ත වෙලා නිසා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස