මරණ දඬුවම පැනවූ ජාවාරම්කරුවන් 18ක ලැයිස්තුව ජනපතිට! එල්ලා මරන්න සියල්ල සූදානම්!

February 4, 2019 at 10:59 am | by admin

මරණ දණ්ඩනය ක්‍රියාත්මක කල යුතු බන්ධනාගාර රැදවියන් සම්බන්ධ වාර්තාව ජනාධිපති කාර්යාලය වෙත යවා ඇතැයි අධිකරණ ඇමතිනි තලතා අතුකෝරාළ මහත්මිය ප්‍රකාශ කළාය.

“මරණ දඬුවම ගැන නම් ලැයිස්තුව යැවීමේ වගකීම අපි භාර දෙන්නෙ නීතිපති දෙපාර්තමේන්තුවට. බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ලැයිස්තුව ගෙන්න ගත්තා. 48ක් ඉන්නවා. 48න් 30 දෙනෙක් අභියාචනා කරලා තියෙනවා. ඉතුරු 18 දෙනාගේ තියෙන සියලුම කරුණු කාරණා පිළිබඳව හොයලා බලලා ඒ අය අනිවාර්යෙන්ම එල්ලලා මරන්න අදාළ ද කියලා බලලා ඒ වාර්තා අනුව තමයි සිද්ධ වෙන්නේ. ඒ වාර්තා ජනාධිපති කාර්යාලයට යවලා ඉවරයි” යැයි අමාත්‍යවරිය එහිදී පැවසුවාය.

ඇමතිවරිය මෙම අදහස් ප්‍රකාශ කළේ පසුගියදා වැලිමඩ ප්‍රදේශයේ පැවති රැස්වීමකදීය.

ජනාධිපතිවරයා පසුගිය දිනවල පුන පුනා ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට තමන් පසුබට නොවන බවත් ලැයිස්තුව ලැබුණු වහා කිහිප දෙනෙකු එල්ලා මරා දමන බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස