මරණ දඬුවමේ වැදගත්කම මම එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ටත් කියලා දුන්නා! – ජනපති (video)

June 28, 2019 at 10:18 pm | by emanisa.lk

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහ ලේකම්වරයා ශ්‍රී ලංකාවේ මරණ දඬුවම ක්‍රිියාත්මක කිරීමට ගත් තීන්දුව පිළිබඳ විමසීමට තමා ඇමතූ බවත් එහි අවශ්‍යතාව තමා ඔහුට පැහැදිලි කළ බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

ලංකාවේ පාසල් විශ්වවිද්‍යාල පවා මත්ද්‍රව්‍ය උවදුරට ගොදුරු වී ඇති බවත් ලංකාව ජාත්‍යන්තර කුඩු මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක වන බවත් එහෙයින් දැඩි දඬුවම් නොපමුණුවා මෙම තත්ත්වය මර්දනය කළ නොහැකි බවත් එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාට පැවසූ බව ජනාධිපතිවරයා හෙළි කළේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස